Featured

අරමුණ

පරිසරයේ අහඹු වෙනස්කම් වලින් ඇතිවුනු ජීවය අදවනවිට හොමෝ සේපියන් සේපියන් වැනි දියුනු ජීවීන් දක්වා පරිනාමය වී ඇත. මෙම පිටුව එසේ දියුනු තැනකට පැමින නොයෙකුත් මිත්‍යාවන්ට ගොදුරු වූවන්ට සහ මුලාවෙන් මිදීමට  බලාපොරොත්තුවන්නන්ට කෙරෙන අත්වැලකි.

Featured

කර්මය සහ බිය

ගොඩක් මිනිස්සු (මෝඩ මිනිස්සු ) කර්මය දකින්නෙ මහා ලොකු දර්ශනික විසඳාගත නොහැකි මායාකාරී දෙයක් විදියට. මේ සංකල්පය නිර්මානය කල අයගේ අරමුන  ගැන පොඩ්ඩක් හිතල බලන කොට පැහැදිලිවුන කාරනය තමයි, එදා අතීත හින්දු සමාජය තුල මිනිස්සු හික්මීම ඇති කරන්න, නරක වැඩ වලට බිය ඇතිකරන්න හින්දු දහම විසින් ගහපු ගැටය බව.

මෙතන මූලික වශයෙන් කරන්නෙ මිනිසාට පෙර කර්ම ඇතිබව සහ ඒවා පලදීම තුලින් යහපත්/ අයහපත් ප්‍රතිඵල ලැබෙන බවට මුසාවක් සමාජයේ පතුරවනව. ඊට පස්සෙ බිය උපදවාගත්තු මිනිස්සු තමන්ගේ ධර්මයට අනුගත වෙනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ , ඊට පස්සෙ තමයි වැඩේ තියෙන්නෙ; දැන් කර්මයට බිය ඇතිකර ගත්තු බැතිමත්තු ටික අර ධර්මානුකූල ජීවිතයක් ගතකරන්න ඕන පූජකයන් කියන විදියට. වතාවත් කරන්න ඕන පූජක පැලැන්තිය නඩත්තු කරන්න ඕන.
ඒ අතර පූජකයා නිකන් ඉන්නෙ නෑ වෙලාව කලාව බලල බැතිමතා තව තව බය කරනව: දැන් ඔබට පෙර කර්මය මෙහෙම බලපානව අරම බලපානව, ඒව අහෝසි වෙන්න මෙහෙම පූජා තියන්න අරම පූජා තියන්න කියල. ජයටම මර්කටින් කරන අයට බලය වැඩියි මිනිස්සුන්ට උපදෙස් දෙන්න. ඔන්න ඕකයි තත්වෙ.

ඒ විතරක් නෙවෙයි තව කල් යනකොට ඕකට තවත් කලාවන් එකතු උනා ජෝතිශ්‍යය වගේ. ඒගොල්ලොත් කියන්න ගත්ත කර්මය කියන්නෙ පුද්ගලයන්ට බල පාන දෙයක්, හිතකර අහිතකර ප්‍රතිඵල ලැබෙනව කියල. ඉතින් ලැබෙන්න තියන අහිතකර පලවිපාක වලින් ගැලවීමට හැකි ක්‍රම යෝජනා කරා. (බොරුවට තවත් බොරුවක්) ඉතින් ජෝතිශ්‍ය කාරයන්ටත් කල්ල මරේ උනේ කර්ම සංකල්පය නිසයි. මිනිස්සු රවට්ටල කර්මය අහෝසි කරන්න, වලක්වන්න ගතමනාව ගත්ත ඔවුන්.

Featured

මුලාව

අසරණ මිනිස්සු ,මුලාවක සිටින මිනිස්සු තමන් පරිනාමය වූ සතෙක් නෙවෙයි අමුතු මෙව්ව එකක් උපතින් ගෙන ආ අමුතු මෙව්ව එකක් මැරෙන කොට ගෙනයනවාය කියා මුලාවී සිටින මිනිස්සු ගස් ,ගල් ,පිලිම, පන ඇති නැති දේ සරණ යති. වන්දනාමාන කරති. එක් එක් ආගම් වල පවතින මිත්‍යා කතා සරණ යති. ඒවා අදහති. පරම සත්‍ය එයම බව විස්වාස කරති,හත්පොලේ දිවුරති. එයම සත්‍ය බව පෙන්නන්නට යාගහෝම කරති. පූජා පවත්වති. මිනිස්සු මුලාවී සිටින තරම කොතෙක්ද!!
.
මුලාව මාර්කට් කරන අයගේ මූලික පියවර භය/භක්තිය පැතිරවීමයි. ඉපදීමට බිය, මරනයට බිය, කලුවරට බිය, කොටින්ම ජීවත් වීමට බිය ඇයි කර්මය තියනවනෙ මොහොමද එයින් ගැලවෙන්නෙ?. ඔහොමයි සමහර ගෝත්‍රික මිනිස්සු හිතාගෙන ඉන්නෙ ,හැබැයි ඒක බමුණො හදාපු බොරුවක්.
.
ඉතින් මුලාකරන්න පුලුවන් මුලාවෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඕනතරන් ඉන්නව ලෝකෙ. මුලාකරන්න දක්ෂතාවය ඇති ඒ සඳහා හැකියාව ප්‍රගුන කල අය ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නව. උන්ට වෙනම යුනිෆෝම් පවා තියනව. ඒව සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්. සමහර රටවල් තියනව ඉන්දියාව ලංකාව වගේ මුලු සමාජයක්ම එකතුවෙලා මුලාව නඩත්තු කරන.
.
මුලාව මාර්කට් කරල ඉල්ලුම ඇතිකරල මිනිස්සු මුලාවෙ දාන කට්ටියත් ඉන්නව. ඒකට හේතුව ඒව සාම්ප්‍රදායික නොවන මුලාවන් නිසා,.. ඒව තමයි කේන්දර, ෆෙන්ෂුයි, හග්ගෙඩි, ධාතු වන්දනා,…ඉතින් මාර්කටින් කැම්පේන් එක හරියට කලොත් උන් ගොඩ. සියලු සැප සම්පත්, යාන වාහන, ගේ දොර ,.. ඔක්කොම මුලාවෙච්ච මිනිස්සු නිකන් ගෙනත් දෙනව ලඟට. ඉන්දියාවෙ සමහර බාබලාට මිනිස්සු ලක්ෂගනන් පොරකකා වස්තුව පූජ කරනව. ඒ වෙනුවට උන් මිනිස්සුන්ට මොනවහරි සරල මැජික් එකක් පෙන්නනව. මුලාවෙච්ච එකාට ඕකත් ඇති හොරාට රැවටෙන්න.
.
තවත් මුලාවක් තමයි මිනිස්සුන්ට තියන අමුතු ලිංගික ඇදැහිලි ක්‍රම. තමන් අමුතුම එකෙක් තමන්ට මෙන්න මේවගේ දේවල් කරන්න ඕන කියල හිතාගෙන ඉන්නෙ තමන් කවුද කොහෙන්ද ආවෙ කියල නොදන්නා කම නිසයි. සමහරුන්න්ට විරුද්ධ ලිංගික ආකර්ශනය තියනව. ඒක සතාගෙ ඩිෆෝල්ට් එන එක, සමහරුන්ට වෙනත් ඒව තියනව ඩිෆෝල්ට් නොවන. තමනුත් අනිත් සතුන් වගේ පරිනාමය වෙලා මේ ඉන්න තත්වයට ඇවිල්ල ඉන්නෙ කියල පොඩිකාලේ ඉගැන්නුවෙ නැති උනාම උන් ලොකු උනාම පිස්සු කෙලින්න ගන්න එක සාධාරනයි. මොකද පොඩිකාලෙ ඉඳන් උන් මුලාවෙ ඉන්නෙ.

Featured

බුදුන් දකින්නේ කෙසේද?

ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ බුදුන් කියන්නෙ මැජික් කාරයෙක් කියල. හිතූ පැතූ සම්පත් ලබදෙන දෙය්යෙක් කියල. බුද්ධ වචනයට අනුව බුදුන් යනු මනුස්සයෙක්, දෙවියෙක්, යකෙක් වත් නෙවෙයි.

එහෙනන් ඇත්තටම බුදුන් කියන්නෙ කවුද? බුදුන් දැක නිවන් දකිනව කියලයි කියන්නේ, කවුරුවත් බුදුන් අදහල නිවන් දකිනව කියන්නෙ නෑ. හැබැයි මිනිස්සු කරන්නෙ අදහන එක.

බුදුන් දකින්නේ කෙසේද? බුදුන් දැකිය යුත්තේ තමා තුලින්. තමා තුල ඇති මුලාව නැති වෙනකොට බුදුන් පහල වෙනව තමා තුලින් (සංකල්පීය වශයෙන්). එහෙම නැතුව අමුතු මැජික් එකක් කරල බෑ. අද වෙන්නෙ සමාජය තුල බුදුන් ආගමකට කොටු කරලා. ආගමික ඒකාධිකාරය විසින් බුදුන් මතුවීම වහල තියෙන්නෙ.

කෙනෙකුට ඕනනම් බුදුන් දැකීමට ආගමික කඩ පස්සෙ නොගිහින් සැබෑ දහම් (දැනුම) කරුනු ඔස්සේ ගවේශනය කල යුතු වෙනවා. පටිච්චසමුප්පාදය, ඕඝතරනය වැනි ධර්ම තුල බුදුන් දැකීමට අවශ්‍ය දැනුම ගබඩාවී තියනව.

Featured

කර්මය සහ කර්ම පලය

ඇත්තටම තමන් පසුපස පන්නන කර්මයක් ඇත්ද? පසුතැවිතැවී ඉන්න ඕනද? උත්තරය ඇත්තේ ඇත්තටම කොතනද?
බුද්ධ දර්ශනය තුල (ආගම තුල නොවෙයි) කර්මයට එතරම් වැදගත් තැනක් දී නැති බව පෙනේ. එසේ වූයේ එය එතරම් සැලකිය යුත්තක් නොවන නිසාවෙනි. එය වැදගත් වූවානම් කර්ම සංකල්පය ගෙන ආ ජෛන ආගම හා බුද්ධ දර්ශනය අතර වෙනසක් නොවනු ඇත. එය වැදගත් වූවේ නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රය වැනි තැන්වල කර්මය සඳහන් විය යුතුය.

බුද්ධ දේශනාවේ එන තැන් දෙකක් මෙතන සඳහන් කරමි.

01. චේතනාවම කර්මය වේ. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි”. අද කර්මය පිලිඹඳ සහ බුදුන් පිලිඹඳ නොයෙක් කතා නොයෙක් දෙනා ගොතා ඇති අතර ඉහත ප්‍රකාශයේ අදහස කර්මය තමන්ගේ ගිනුමකට සටහන් වී ආත්මයෙන් ආත්මයට ගෙනයන බව නොවේ. මේ මොහොතේ හට ගන්නා චේතනාව (ඉන්ද්‍රිය අවදිය/ජාති පහලවීම/… ) කර්මය බවයි. කොටින්ම කිව්වොත් කර්මය කියන්නෙ චේතනාව නොහොත් මනෝ විකාරයකි.

02. “කම්මස්ස කාරකො නත්ති විපාකස්සච වෙදකො
සුද්ධ ධම්මා පවත්තන්ති එවෙතං සම්ම දස්සනං”

කර්ම කරන්නෙක් හෝ විපාක විදින්නෙක් නැත, එහි මුල් පේලියේ තේරුමයි. කර්මය එදා හිටි මිනිසුන් මවාගත් ආගමික සංකල්පයක් බව මෙයින් ඔප්පු වෙයි.
නමුත් ජෛන ආගමේ පදනමයි කර්මය. (http://www.bbc.co.uk/religion/religions/jainism/beliefs/karma.shtml)

Featured

මරණය යනු කුමක්ද?

ලෝකයේ සියලු මිනිසුන්ට ඇති එක පොදු කාරණයක් තමයි මරණ බිය. කුමන ආගමේ උනත් කුමන ජාතියේ උනත් අපි මැරෙනවනේ යන සිතිවිල්ල හැමදෙනා තුලම තියනවා. හැමදෙනාම කිව්වට සමහර පුද්ගලයො ඉන්නව ලෝක යතර්ථය දැක මරණය තේරුම් ගෙන ඉන් නිදහස් වූ අය. ඔවුන් ඉන්නේ හරිම සතුටෙන්. මොකද ඔවුන්ට මරණ බිය නෑ. ඒ ඔවුන් තමා මැරෙනවා කියන සංකල්පය හැදුන හැටි දැක ඉන් නිදහස් වූ නිසා.

සංකල්පයක් පමණි..
මුලු ලෝකයම සංකල්ප ගොඩක එකතුවක්. මරණය තවත් එක සංකල්පයක්. හැබැයි ඒක නිකම්ම අතහරින්න කවුරුවත් කැමති නෑ. ඒක තමයි මිනිස් සිතේ ස්වභාවය. අල්ලගන්නමයි ඕනකම තියෙන්නේ, අතහරින්න කැමතිම නෑ.

මරණයෙන් නිදහස් විය හැකිද?
සිත, ආත්මය, මම,.. යන ස්තිර දෙයක් ඇති බව පිලිගන්නා තුරු මරණය පවතී. නිදහස් වීමක් කල නොහැක. නමුත් මේ සියලු සංකල්ප හරයක් නැති බව දුටු පුද්ගලයා මේවා තවදුරටත් තදින් අල්ලාගෙන නොසිටී. ඔහු ඉන් නිදහස් වේ.  (පුද්ගලයා කියන්නෙත් දෘෂ්ඨියක්.)

Featured

මිනිස් සිත යනු කුමක්ද ?

මිනිස් සිත යනු මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය/දියුනුව නිසා ඇතිවූ දෙයකි. ජීවී පරිනාමය තුල මිනිස් මොලය අන් සත්වයන්ට වඩා වැඩි ප්‍රමාණයෙන් පරිනාමය විය. මිනිසා තුල හටගත් නිර්මානශීලී හැකියාව නිසා මිනිස් චින්තනය දියුනු විය. ලොව අන් කිසිම සත්වයෙකුට නැති චින්තනය මිනිසා සතු වූයේ ඔහුගේ නිර්මානශීලී ජීවන චර්යා හේතුවෙනි. මානව පරිනාමය ගැන දන්නා ඕනෑම කෙනෙකුට එය මනාව පැහැදිලි වේ.

චින්තනය දියුනු වීමත් සමග මොලයේ ක්‍රියාකාරීත්වය වේගවත් වී මන-නම-මම එකිනෙකට පැටලුනු නූල් බෝලයක් සේ ලිහාගත නොහැකි ලෙස සංකීර්ණ විය. කෙනෙක් සිටින බව මොයල විසින් ප්‍රත්‍යක්ෂ කෙරින. එම සිත සයවෙනි ඉන්ද්‍රිය ලෙස සැලකීමට පටන් ගත්හ. ඇත්ත වශයෙන්ම සිදුවූ මොලයේ තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය මිනිසා නොදුටී.

දිගට දිගට පවතින සිතක්/ ආත්මයක් පිලිබඳ සංකල්පය ලොව ව්‍යාප්ත කරන ලද්දේ ආගම් විසිනි. එක එක විදියට විස්තර කරනව එක එක ආගම් වල.

විකුර්ති මානසිකයින්ගෙන් හා කාම විකුර්තිකයින්ගෙන් අනාගත පරපුර බේරාගත යුත්තේ ඇයි?

මෙම කාරනය අද සමාජය තුල කතාබහවීමට පටන් ගෙන ඇත. නමුත් මෙය අවුරුදු තිහක් තරම් පැරනි මාතෘකාවක් බව බොහෝ දෙනා දනී. හැබැයි ඒ වකවානුව තුල රටේ තිබූ වාතාවරනය,සම්පත් හා දැනුම හිඟකම නිසා මෙය  සමාජය විසින් අමතක කරන ලදී. අද කතා කරන්න හිතුවේ වෙන මොකවත් ගැන නෙවෙයි රටේ අද්‍යාපන ආයතන තුල සිදුවන අපරාධ පිලිබඳවයි. මේකට ප්‍රසිද්ධ නමක් දාගෙන තියනව නවක වදය කියල. රැග් එක කිව්වම කවුරුත් දන්නව. හැබැයි මේක එන්ගලන්තේ පටන් ගත්තට ඉතාම අසික්ඛිත විදියට නොයෙකුත් විකුර්තීන් එකතුකරගෙන කරගෙන යන්නේ මේ ලංකාව කියන රටේ. උන් ඒකට ශාරීරික, මානසික හා ලිංගික හිංසනය එකතු කරල අමානුශික වධබන්දනයන්ට නවක සිසුන් ලක්කිරීමේ වැඩපිලිවෙලක් හදාගත්තා. මානසික රෝගීන් බහුල ලංකාව වැනි රටක මානසික රෝග තමන්ට ලැබුනු වරප්‍රසාදයක් යැයි සිතන මිනිසුන් සිටින රටක මෙවැනි දෑ සිදුවීම අරුමයක් නොවේ.

දැන් කෙලින්ම ආපු කාරනයට බහිමු, මම කියන්න හදන්නේ ඇයි මේ නවක වදය (අමානුශික වද බන්දන ක්‍රියාවලිය) පවතින්නේ සහ මෙයට පිලියම් මොනවාද යන්නයි. නවක වදයේ ප්‍රබේධ කීපයක් ඇත. එකක් දිවා කාලයේ සිදු කෙරෙන ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකයි. මෙය තුලදී නවකයා මානසික වදබන්ධනයට ලක්වීම හැරෙන්නට වෙනත් අතවරයක් විදු නොවේ. නවකයාට කඳුලු එනකන් චාචික හින්සනය පමනක් සිදුකිරීමට අපරාධකරු වගබලා බනී. දෙවැන්න වාචික හින්සනය් සමග කෙරෙන ශාරීරික හිංසනයයි. මෙය බොහෝ විට සිදුවන්නේ ශිෂ්‍ය නේවාසිකාගාර තුලයි. අපරාධකරුවා විසින් සූක්ෂම ලෙස තම කතාවෙන් තමාට නතුකරගන්නා අපරාධකරුවා විසින් වින්දිතයාගේ ආත්ම අභිමානය පලමුව බිඳදමයි. මානසික ශක්තිය බිඳදමයි පසුව අපරාධකාරයාගේ අනට අවනත වන බලුකුක්කන් ගානට පත්කර ගනී. මෙන්න මේ අවස්ථාවට පත්ව අසරණ වූ වින්දිතයෙකුට මානසික හා ශාරීරික වද දීමෙන් ස්වයන්වින්දනයක් ලැබීම අපරාධකරුගේ අරමුණයි. නවකවදයේ තුන්වැනි ආකාරය දැන් බලමු. මේ අවස්ථාවට මුහුනදෙන වින්දිතයන් බොහෝවිට මානසික හා ශාරීරික ආබාධයන්ට ගොදුරු වී ජීවිත කාලයම විඳවීමට තරම් මේ ක්‍රියාවලියන් දරුනු වේ. වින්දිතයා පමණක් නොව අපරාධකාරයාද ජීවිතකාලයක් මානසික ආබාධවලින් පෙලෙන් අවස්ථා ඇත. දෙවන අවස්ථාව පසුකරන අපරාධකරුගේ මානසික විකුර්තියේ ප්‍රමානය අනුව තුන්වන අවස්ථාවට ගොදුරුවන වින්දිතයා හින්සනයට ලක්වේ. ඒ කෙසේදයත් අපරාධකරු දිගින් දිගයම වධදීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීම තුලින් ඔහු එයට ඇබ්බැහි වීමක් සිදුවේ. නව වධබන්ධනයන් අත්හදා බලීමට යොමුවේ. මේවේ බොහෝ විට විකුර්ති ලිංගික ආසාවන් සමග එකට එකතුවී ඇතිවන මානසික ආසාවන් වේ. වින්දිතයා දිවිනසා ගැනීම දක්වා දරුනු ආකාරයට මෙය ක්‍රියාත්මක වන අවස්ථා අපකීර්තිමත් ලාංකික ඉතිහාසය තුල උදාහරන ඇත.

දැන් බලමු මෙවැනි විකුර්තීන් ලාංකීය ශිෂ්‍ය සමාජය තුල ඇතිවන්නේ කෙසේද කියල. බොහෝ විත ඔවුන්ගේ සමාජ අත්දැකීම තමයි මේකට හේතුවෙන්නේ. හුදකලා සිද්ධි කීපයක් හැරුනු විට සිසුන්ගේ මානසික විකුර්තිය ඇතිවෙන්නේ ඔවුන්ට කලින් වතාවේ විඳීමට විදුවූ නවක වදය නිසායි. ඒක වෙන්නේ මෙහෙමයි නවක වදයට දරුනුවටම හසුවන්නන් නේවාසිකාගාර තුල වදබන්ධනයට හසුවූවන් වේ. ඔවුන්ගේන් අඩකට පමන ඔවුන්ට විඳීමට සිදුවූ වධබන්ධන පිලිබඳව ඇත්තේ සමාජ වෛරයකි. ඔවුන්ගෙනුත් අඩකට කෙලින්ම මානසික විකුර්තියක් සිදු නොවේ. ඔවුන්ට මෙය බලපානේ පසුකාලීනවයි. ඉතිරිය ඒ කියන්නේ හතරෙන් එකක් කෙලින්ම මානසික රෝගීන් බවට පත්වේ. ඔවුන්ට අනෙකාගේ දුකේදී සතුටු වීම හා විකුර්ති කාමාෂාවන් ඇතිවීම හා සමාජය පිලිඹ්ඳ වෛරය යන රෝග ලක්ෂන පවතී. අවාසනාවට අපේ රටේ මෙවැනි මානසික රෝගීන් හඳුනා ගැනීමට හෝ ප්‍රතිකාර වලට යොමු කිරීමට යාන්ත්‍රනයක් නැත. එමනිසා වෙන්නේ කුමක්ද? අනාගත පරපුරට මේ රෝගය උරුම වීමයි. මේවැනි රෝගීන්ට සෝසියෝපාත් සහ සයිකොපාත් කියල කියනව. හැබැයි විශ්වවිද්‍යාල තුල මොවුන් හැසිරෙන්නේ තමන්ට වඩා පොරවල් නෑකියල හිතාගෙන, තමන්ට ලෙඩක් තියන බව බොහෝ මානසික රෝගීන්ට තේරෙන්නේ නෑ.

ඉහත කතාකල මානසික රෝගීන් ගැන තවදුරටත් විස්තර කරන්නම්. ඔවුන් බොහෝවිට අහින්සක පෙනුමෙන් යුක්තයි. වෙන්කර හඳුනා ගැනීම අසීරුයි (ඇස් දෙක තුලින් හඳුනාගත් හැක). මොවුන්ගේ විකුර්ති ආශාවන් ඉටුකර ගැනීමට අනුගමනය කරන ක්‍රියාමාර්ගයන් ටිකක් කියන්න කැමතියි. එය ඔවුන්ගෙන් ප්‍රවේසම් වීමට ඔබටත් පිටුවහලක් වෙයි. මොවුන් මුලින්ම සුහදව කතාකර ඔබ ගැන තොරතුරු ලබා ගනී. පසුව ඔවුන්ගේ පුරාජේරුව ඔබට කියා ඔබව දැලේ දා ගැනීමට කටයුතු කරයි. ඔබව නතු කරගැනීමට පහසු බව දැනගතහොත් නොයෙක් උපක්‍රම යොදා නතු කර ගනී. ඉන් පසුව ඔබට වඩා ඔවුන් උසස් බව සහ ගරු සැලකිලි කලයුතු බව දැනුවත් කරයි. ඉන්පසු කුමන හෝ කාරනයක් තුලින් ඔබව යටපත් කර පීඩනයට පත්කරයි. මෙතනදී මූලික වෙන්නේ ඔබගේ මානසික ඒකාග්‍රතාව මොවුන් විසින් බිඳ ඔබගේ ආත්මාභිමානය බිඳීමයි. ඔබ යටකරන්නේ මොවුන් මෙන්න මේ අවස්ථාවේදීය. මේ අවස්ථාවට හසුවී ඔබගේ අභිමානය විනාෂ කරගතහොත් නම් ඉතින් ඔබට ගැලවීමක් නැතිව යයි.  මෙවැනි මානසික විකුර්තිකයන්ගේ බුද්ධිය මේ අවස්ථාවලදී ඉතා සූක්ෂම බව පරීක්ෂන තුලින් සොයාගෙන ඇත. තමාට නතුකරගත් වින්දිතයා තුලට බලපෑම් කිරීමට කලින් භීතියට හා මානසික වියවුල්තාවයට පත්කීරීමට ඔහුන් ඉතා සමර්ථයෝය. උදාහරනයක් ලෙස මෙවැනි අපරාධකරුවන් ගොදුර ඉදිරියේ වීරයන් ලෙස රඟපෑම, යක්ෂාවෙශයක් රඟපෑම, අසල ඇති ඩෙස් පුටු වලට අතින් පයින් ගැසීම තුලින් ගොදුර බියට පත් කරයි. මානසිකව කලබලයට තැතිගැන්මට පත්කර ඉන් ප්‍රයෝජනය ගනී. ඔබට කෙදිනක හෝ මෙවැනි අවස්තාවකට මුහුන දෙන්න සිදු උනොත් පලමුව කල යුත්තේ නිරවුල් මනසින් සිටීමට උත්සාහ ගැනීඉමයි. මෙවැනි රෝගීන්ගේ චර්යාව ගැන මනා දැනුමක් ලබාගෙන සිටීමද ඔබට සිදුවිය හැකි හානිය අවම කිරීමට හේතුවිය හැක. අවාසනාවකට අපේ රටේ සමහර ලමයි අම්මල තාත්තල මල් වගේ හදල තියන නිසා මෙවැනි අවස්ථාවලට මූනදෙන්න හැකියාව නැතිවෙනව. උන්ගේ ගොදුරු බවට පත්වෙනව. මතක තියාගන්න ඕන වැදගත්ම කාරනව ඔබව තමන්ට නතු කරගැනීමට නොහැකිබව දැනගතහොත් මෙවැනි අපරාධකරුවන් ඔබපසුපස නෑවිත් වෙනත් ගොදුරක් පසුපස යයි. ඔබට යම් අමිහිරි අද්දැකීමකට මූලදෙන්නට සිදු උනොත් එය ඔබේ වරදක් ලෙස භාර නොගන්න.

සමාජයේ නවක වදය ගැන තියන මිත්‍යා මත මොනවද කියල බලමු. එකක් තමයි මේකෙන් පුද්ගල සම්බන්ධතා වැඩිවෙන බව සහෝදරත්වය වැඩිවෙන බව. ඒක අමු මිත්‍යාවකි. මම මේ ඊනියා ජේෂ්ඨ උත්තමයන්ගේ අහන්න කැමතියි, සම්බන්ධකන් වැඩිවෙන්න කියල අයියල නංගිල අක්කල මල්ලිල ඇඳුන් ගලෝගෙන ඉන්නවද තොපේ ගෙවල් වල. ලිංගික ඉරියව් රඟපානවද තොපේ ගෙවල් වල. ලිංග් ඉන්ද්‍රියන් වල පෑන් බට ගහගෙන ඉන්නවද තොපේ ගෙවල් වල. මෙක මේ මානසික විකුර්තියකින් පෙලෙන් අතලොස්සක්ගේ නපුන්සක වැඩ. දැන් මේක සමාජයේ තියනවනේ අපි මේ කොච්චර කෑගැහුවත්. දැන් බලමු කොයි වගේ ජේෂ්ඨ උත්තමයොද මේක ඉස්සරහට ගෙනියන්න දෙන්නේ කියල. එක කට්ටියක් තමයි කුඩා කල වෙනත් අයගේන් මානසික හෝ ලිංගික හිංසනයට ගොදුරු වී ඇති අය. අනිත් කට්ටිය තමයි තමන් විරූපී හෝ ආබාධිතයි කියල හීනමානය ඇති අය. තවත් කන්ඩායමක් තමයි කුඩා කල සිට දැඩි ආර්තික අපහසුතා වලින් පෙලී පීඩනයට පත්වූවන්. තවත් පිරිසක් තමයි ඈත ගම් වල කුල ගෝත්‍ර ක්‍රමයන් තුලින් පීඩනයට පත්වූවන්. තව ඉන්නව ආගමික පූජකයන් ලෙස කලක් ජීවත්ව සිට මානසික හා ලිංගික අසහනයෙන් බොහෝ කලක් පීඩනයෙන් සිටි අය. මෙන්න මේ වගේ විශේෂ චරිත තමයි මේ අනිත් අයගේ දුකේදී සතුටු වෙන අපතයන්. මුන්ට ක්ෂනිකව කලින් කිව්ව මානසික විකුර්තිය ඇතිවෙනව.

කෙසේ වෙතත් අපි බොරුවට අපේ හැදියාව, සංස්කෘතිය ගැන පාරම්බානවා. හැබැයි ඉගෙනගන්න වයසේ තරුන ලමයි මානසික විකුර්තිකයන්ගේ කාම විකුර්තිකයන්ගේ ගොදුරු වෙන්නට ඉඩ හැරල බලන් ඉන්නව. මේක සමාජයක් ලෙස පත්ව ඇති පරිහානියක් කියලයි මට පේන්නේ. සමාජයක් ලෙස මෙයට එරෙහිවීමට කාලය උදාවී ඇත.

ඉස්ලාම ආක්‍රමනයක් ඇතැයි මට හිතෙන්නේ ඇයි?

මේක ලියන්න හිතුනේ පොඩි සිද්ධියක් නිසා. ඔන්න මන් පාඩුවේ හන්දියක් ලඟින් යනකොට ඇහෙනවා ඉස්ලාම් පල්ලියකින් මහා අඳෝනාවක්, මට නොතේරෙන මොනවදෝ භාසාවකින් ඔවුන් කරන්නේ තමන්ගේ අනුගාමිකයන්ට යාච්ඥාවකට කරන බැගෑපත් ආයාචනයක්. ඒක කොච්චර බැගෑපත් ආයාචනයක්ද කියනවනම් අහලකින් යන්න බෑ සද්දේ. මට හිතුනා ලංකාව වගේ ගොබ්බයෝ ඉන්න රටක් මෙහෙමත් සද්දෙට බැගෑපත් වෙලා තමන්ගේ අනුගාමිකයොන්ට ආගම මතක් කරවල දෙන්න ආගම් වලට වෙලා තියනවනේ කියල. හැබැයි තව පැත්තකින් හිතුනා ඔය අනුගාමිකයෝ එකතු කරන්න මෙච්චර සද්දෙට අඳෝනා තියන්න ගියාම අනිත් අහින්සක මිනිස්සුන්ට ගොඩක් හින්සා වෙනව කියල. මුන්ගේ සද්දේ උහුලගෙන ඉන්න බැරි තරම් ඒ අවට මිනිස්සු ගැන අනුකම්පාවක් හිතුනා. මේ වගේ සද්ද කරල අනිත් අයට හින්සා කරන එක ගොඩක් රටවල නවත්තල තියෙන්නේ. ඒ අතින් ලංකාව ඉන්නේ තාම ගල් යුගයේ. හැබැයි මේ ගල් යුගයේ ඉන්න මිනිස්සු විද්‍යාවට ගරහන ගමන් විද්‍යාවෙන් හොයාගත්තු ලවුඩ්ස්පීකරය යහමින් ප්‍රයෝජනයට ගන්න එක තමයි විලිලැජ්ජ නැති කාරනේ.

දැන් මේ සිද්ධියෙන් කෙනෙකුට කොහොමද හිතෙන්නේ ඉස්ලාම් ආක්‍රමනයක් තමන්ගේ රටට තියනව කියලා. කෙනෙකුට කියන්න පුලුවන් ඕක ඔය ආගමේ වැඩපිලිවෙලක්නේ ඕකුන් ඔය සද්දෙට අඳෝනා කලාට කාටවත් කරදරයක් වෙන්නේ නෑනේ කියල. හැබැයි මට හිතුනේ මෙහෙමයි, තමන්ගේ ආගම අදහන එක තමන්ගේ වැඩක්, මොකටද අනිත් මිනිහට ඇහෙන්න සද්දෙට දාලා තමන් අහවලාගේ ආගමේ එකෙක්ය කියලා අඬබෙර ගහන්නේ. දැන් මේ කෙන් මොකද වෙන්නේ එහෙම කෑගැහුවම, අනිත් මිනිහා හිතනවා යකෝ මූ එන පොටනම් හොඳ නෑ මූ අපිට ඇහෙන්න වැඩිපුර සද්දේ දාන්නේ ඕනකමින් අපිව අපහසුතාවෙට පත්කරලා එහෙම කරන්න අපිටත් පුලුවන්ය කියන එක පෙන්න අපිට ඒත්තු ගන්නනය කියල. ඔන්න එතකොට තමයි ආගමික ආක්‍රමනයක් ගැන අදහස මිනිස්සුන්ට මතුවන්නේ. ඒකත් හරිනේ, පාඩුවේ ඉන්න අහින්සක මිනිහෙකුට වෙන එකෙක්ගේ ආගමය කියන අඳෝනාවක් බලෙන් අස්සවන්න ගියාම එහෙම හිතෙන එක සාධාරනයිනේ.

දැන් එතකොට මේ අඳෝනා තියල තමන්ගේ ආගම අනිත් උන්ටත් ඇහෙන්න අදහන එක හරිද? ඒක ශිෂ්ටසම්පන්න සමාජයකට උචිත දෙයක්ද? කොහෙත්ම නෑ සමාජයක් ශිෂ්ටසම්පන්න වෙනව කියන්නේ ඕකට නෙවෙයි සැමට නිදහසේ සිටිය හැකි වෙන ලෙස අනිකාගේ නිදහස ගරු කරමින් ජීවත් වෙන තරම් විනයක් මිනිස්සු තුල ඇති වෙන එක. දැන් පල්ලියේ අඳෝනා තිබ්බම ඒක නැතිවෙනවද කියල ඇහුවොත් මොකද කියන්න ඕන? කියන්න ඕන මේකයි, ආගම අදහන එක ඔබේ පුද්ගලික දෙයක් ඒකට අපගේ කිසින අමනාපයක් නෑ, හැබැයි තමන්ගේ පුද්ගලික දේවල් අනිත් අයට ඇහෙන්න දෙන්න තියාගන්න එපා ඒක ශිෂ්ට බවෙන් ඇත්වීමක් කියල. ආපහු ඇහුවොත් අපෙන් ඒක කොහොමද ශිෂ්ට බවෙන් ඇත්වීමක් වෙන්නේ කියල මෙහෙම කියපන්. තමන් පුද්ගලිකව පාවිච්චි කරන දෙයක් අනුන්ගේ ඇඟේ ගැගීම එතරන් ශිෂ්ට දෙයක් නෙවෙයි, උදාහරනයක් විදියට තමන් පාවිච්චි කරපු කොන්ඩම් එක අල්ලපු ගෙදර එකාගේ මිදුලට දැම්මා වගේ වැඩක් ඕක. ඊට පස්සේ අපෙන් අහයි උඹ අපේ ආගම කොන්ඩම් එකකට සමාන කලාද කියල. උත්තරේ ඔව්, දෙකෙන්ම කරන්න එකවගේ දෙයක් දෙකම පුද්ගලික කාරනා වලට යොදාගන්නේ.

ඇපල් ගහෙන් වැටුනොත් ගුරුත්වාකර්ශනය. මිනිහෙක් ගහෙන් වැටුනොත් කර්මය?

ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ ගහකින් ගෙඩියක් වැටෙන්නේ ගුරුත්වාකර්ශනය නිසා කියලා. ඒවගේම ගොඩක් හින්දු,ජෛන,බෞද්ධ ආගමේ අය හිතන් ඉන්නේ මිනිහෙක් ගහෙන් වැටෙන්නේ කර්මය නිසා කියල. තවත් කාරනා තියෙන්න පුලුවන් මිනිහෙක් ගහෙන් වැටෙන්න අනුමාන කල හැකි. හැබැයි ගහකින් ගෙඩියක් වැටීම විස්තර කිරීමට ගන්නා සංකල්ප තුල කර්මය පව්-පින් වගේ ඒවා යොදා ගන්නේ නෑ. හැබැයි නිමිහෙක් හෝ සතෙක් වැටීම පිලිඹඳ පැහැදිලි කිරීමේදී සමහරු යොදාගන්නේ ඔය කලින් කිව්ව ආගමික සංකලප. ඒකත් මිනිසා කියන්නේ විශේෂ ආගමික සංකලප යටතේ විස්තර කරන්න පුලුවන් සතෙක් සමහරු හිතන් ඉන්න විදියට. පරිසරයේ වෙන සිදුවීම් විස්තර කිරීමට යොදාගන්නා මේ සංකල්ප ඇත්තටම හරි ඒවාද? මේක ටිකක් අමාරු ප්‍රශ්නයක් මොකද මිනිස්සු මේවා හැදුවට ගොඩක් දෙනෙක් මේවා විස්වාස කරනවා විනා ඇත්ත මොකද්ද කියල හොයන්න යන්නේ නෑ. හේතුව ඒව ගැන හොයන එක ටිකක් වෙහෙසකාරී වැඩක් ඒවගේම මේවා ඉන්ද්‍රියන්ට ගෝචර නොවුනු තරමක් ගැඹුරු කාරනා විදියට සමාජයේ සම්මත කරගෙන තියන එකත්.

වස්තුවක් පොලවට වැටීම (ඇදගැනීම) පැහැදිලි කිරීමට තියන නිවැරදිම පැහැදිලි කිරීම ගුරුත්වාකර්ශනය කියන සංකල්පය නොවේ. ඒ පිලිඹඳ තවත් මතයන් තියෙන්න පුලුවන්. එය එක ආකෘතියක් පමණයි. හැබැයි ඒ එකක්වත් නිසා නෙවෙයි ගහකින් ගෙඩියක් වැටෙන්නේ. එහෙනන් මොකද්ද ඇත්ත කියල මිනිස්සු ප්‍රශ්න කරනව දැන්, මොකද තමන් පිලිගන්න මතවාදය වැරදියි කියනවට කවුරුත් පිලිගන්න කැමති නෑ. ඒවගේම තමයි කර්මය කියන සංකලපයෙනුත් කෙරෙන්නේ ඔයවගේ වෙනත් ආකාරයේ සංසිද්ධියක් පැහැදිලි කිරීමක්. හැබැයි ඒක මිනිසාට හා වෙනත් සතුන්ට අදාල කරගන්න එකක්. ඒව මිනිස්සු හදාගෙන තියෙන්නේ වෙනත් අවශ්‍යතාවන් සඳහායි. හැබැයි ඒ එකක් වත් පරම සත්‍ය නෙවෙයි. හදාගත්තු සංකලප.

ගුරුත්වාකර්ශනය හෝ කර්මය පරම සත්‍ය නොවෙයි නම් මොකද්ද ඇත්ත කියල මිනිස්සු අහයි. මේවා ඇත්ත නෙවෙයි කිව්වොත් උඹ කොහොමද අපේ ජෛන මහාවීරතුමා හොයගත්තු කර්මයට අභියෝග කරන්නේ? අපේ සර් අයිසැක් නිව්ටන් හොයාගත්තු ගුරුත්වාකර්ශනයට අභියෝග කරන්නේ කියල රන්ඩුවට එන්න පුලුවන් සමහරු. එහෙම රන්ඩුවට ඇවිල්ලත් තියනව ඕන තරන්. දැන් කොතනද එහෙම රන්ඩුවට එන අයට වැරදිලා තියෙන්නේ? වරද වෙලා තියෙන්නේ මිනිස්සු දැනුම ලබා ගැනීමේදී උපයෝගී කරගන්නා ක්‍රමවේදය තමයි. මිනිස්සු කරන්නේ කවුරුහරි හරියි කියල කිව්ව දෙයක්  පිලිගැනීමට පුරුදුවෙලා එයම පරම්ම සත්‍ය ලෙස පිලිගැනිමයි. එහෙම නැතුව ඒක එහෙම වෙන්නේ කොහොමද කියල විමර්ශනය කිරීමක් කරලා නෙවෙයි. එතන තමයි වරද. එහෙනන් මොකද්ද හරි එක? හරි එක තමයි මේ නොයෙක් තැන් වල භාවිතා වෙන සංකල්ප හදලා තියෙන්නේ ඒ ඒ සංසිද්ධි පැහැදිලි කිරීමට බව. ඒවාගේ ඇති හරියක්වත් වැරදියක්වත් නැති බව. නිකන් මිනිසා නිර්මානය කරගත්තු දැන්මක් පමණක් බව.

දැන් මේ තියන ආකාරය තියන ආකාරයෙන් දැකිය හැකිද කියන ප්‍රශ්නය එනවා. කොහෙත්ම බැහැ. කුමන ආකාරයක් හෝ දැනුමක් නිර්මානය වෙන්නේ සතාට (තමාට) සාපේක්ෂ්වයි. තමන් තුලින් පරිසරය ග්‍රහනය කරගන්නා අකාරය කෙනාට සාපේෂයි. එමනිසා නිරපේක්ෂ සත්‍යයක් කිසිවිටකත් නිර්මානය නොවේ. හැමදෙනාම නිර්මාන කරන්නේ සාපෙක්ෂ සත්‍යයන් හෝ අසත්‍යයන් වේ. ඒ තියන ආකාරයට තම තමන්ගේ අර්ථකථන දීමට යාමේදී සිදුවන සාපේක්ෂ බව නිසාය. එහෙමනම් දැනට නිපදවාගෙන තිබෙන දැනුම අසත්‍යද? ඒවා අසත්‍ය ලෙස බැහැර කල යුතුද? දැනට නිපදවාගෙන තිබෙන දැනුම සම්මුතීන් ලෙස තබාගෙන ඒ ඒ සංසිද්ධි මිනිසාට තේර්ම් ගත හැකි බව වටහාගත යුතුය.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගුරුත්වාකර්ශනය කියන්නේ බොරුවක් නම් කර්මය කියන්නේ පට්ටපල් බොරුවක් බවයි. ඒ මොකද කර්මය බලපාන ඊනියා ආත්මයක් තියනවාය කියන්නෙත් තවත් කවුරුහරි ගොතපු කතාවක් වන නිසාවෙනි. කොහොම උනත් ආගමික දැනුම කියන්නේ එකිනෙකර සම්බන්ධ කර ගොතන ලද කතාන්දර සමූහයක් පමණි. එක බොරුවක් අනිත් බොරුව මත පිහිටයි. එවිට අවසාන බොවුව පට්ටපල් බොරුවකි. අවුරුදු 3000ක් පමණ පැරණි වූ පමනින් කර්මය සත්‍යවන්නේ නැත. අවුරුදු 300 පැරණි වුන පමණින් ගුරුත්වාකර්ශනය සත්‍ය වන්නේද නැත. නමුත් එක් දෙයක් කිව යුතුය අදටත් තාක්ෂනික ඉදිකිරීම හා අභ්‍යවකාෂ තරනයට යොදාගනු ලබන්නේ නිවුටන්ගේ සොයාගැනීම් මිස ජෛන මහාවීරගේ සොයාගැනීම් නොවේ.

නලින් ද සිල්වාගේ රස කතා (‘මගේ සිරුර හා මගේ සරම’ ලිපිය ඇසුරෙනි )

මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අදහස් වලට යමක් කියන්න හිතුවා. මේ ලිපිය එතුමා ලියූ ‘මගේ සිරුර හා මගේ සරම’ ලිපිය හා බැඳේ.  http://www1.kalaya.org/2011/04/blog-post_3590.html

01. මහාචාර්ය නලින් ද සිල්වා හින්දූන්ගේ සංසාරය නම් සංකල්පය දැඩිව විස්වාස කරයි. ඒකාන්තයෙන්ම සත්වයා මැරි මැරී උපදින සසරක් ගැන ලිපි ලියයි. හැබැයි එය ප්‍රත්‍යක්ෂ කරගත් ආකාරය කොතනකවත් සඳහන් නොකරයි. නමුත් ඔහු සසර ගැන කියන්නේ මෙසේය //එහි මුළක් ආරමිභයක් ගැන කතාකිරීම තේරුමක් නැති වූවකි.// එනම් එය කතා කර වැඩක් නැති බවය. ඉතින් වැඩක් නැති දේවල් කතා කොලේ මොකටද මහත්තයෝ කියල තමයි අහන්න වෙන්නේ.

02. මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිංහල බෞද්ධ ගෝත්‍රවාදය ගැන ලිපි ලියයි. ඔහු එය අර්ත දක්වන්නේ //සිංහල බෞද්ධයන්ගේ අවසන් අරමුණ නිවණ ය. ඉපදීම, මරණය ආදී සියල්ල ඇත්තේ නිවණ අවබෝධවීමට පෙර ය. නිවණ අවබෝධවීමෙන් පසු නැවත ඉපදීමක් නැත.// කියායි. ලෝකයේ පවතින සත්ව විශේෂ මිලියන දෙකක් පමණ අතුරින් හෝමෝ සේපියන් සේපියන් සතා මොහු තවත් උප විශේෂයකට(සිංහල බෞද්ධ) බෙදා ඇත්තේ කතා පොත්වල ඇති සංකල්ප උපයෝගී කරගෙන මිස ප්‍රත්‍යක්ෂයෙන් නිවන දැකගෙන නොවන බව ඔහුම ලියා තිබීම විහිලුවකි.

03. ඔහු තව දුරටත් සසර අවුරුදු 3000කට පෙර හින්දූන් විසින් අර්ථ දක්වපු විදියට අර්ථ දක්වයි //අප සසර ගමන් කරන්නේ තණ්හාව නිසා ය//. ඒක ඉතින් අමුතුවෙන් ලියන්න ඕන එකක් නෙවෙයි හින්දු දහමේ මූලික සිද්ධාන්තය ඔය කෙබරය තමයි. ජෛන මහාවීර තවත් අඩියක් ඉදිරියට තියල ඕකම ටිකක් සැර වැඩි කරල කිව්වා කර්මය බැඳෙනව කියල සසර සමග. ඔක්කොම හුදු සංකල්ප විතරයි. මහාචාර්ය නලින් ද සිල්වා මහතාට නොතේරෙන්නෙත් ඒකමයි.

04. දැන් ප්‍රධාන මාතෘකාවට බහිමු, සරම සහ සිරුර ගැන. ඒ මහතා කියන්නේ සරම සිරුර මාරු කරමින් කීපදෙනෙකුට භාවිතා කල හැකි දෙයක් බවත්. මනසත් ඒ හා සමාන මොකක් හරි බවත් කීමට උත්සාහ කරයි. // මගේ මනස හා මගේ සරම අතර ඇති වෙනස කුමක් ද? මගේ සරම යන්න අනෙකෙකුටත් අවශ්‍ය නමි ඇඳිය හැකි ය. මගේ සරමට මා නැතිවත් පැවතිය හැකි ය.//  හැබැයි හරියටම කියා නැත්තේ ටක්කෙටම යමක් කිව්වොත් බොරු වැල්වටාරම් දිගින් දිගට කියාගෙන ඉන්න අමාරු නිසා විය යුතුයි.

05. මහාචාර්ය නලින් ද සිල්වා මහතා හින්දූන්ගේ ආත්ම සංකල්පයට පණ දෙමින් කියා සිටින්නේ භෞතික ශරීරය නිසැකවම ආත්මයක් හා සම්බන්ධ බවයි.  //මවු කුස තුළ වැඩෙන සත්ව කළලයක් යමිකිසි කාල පරිචිඡෙදයකින් පසුව තවදුරටත් වර්ධනය වීමට නමි ඒ කළලයට ගන්ධබිබයකු ඇතුල්විය යුතු යැයි සිතමි.//   ඉතින් මහත්තයෝ ඕක අවුරුදු 3000ක් පැරනි කෙබරයක්නේ. ඕම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අලුතින් කියනවනම් අලුත් දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ.

06. ඔන්න දැන් ඒ මහතා ජෛන මහාවීරතුමා සිතන ආකාරයට හිතනවා ඊලඟ චේදයේ.

//එහි දී බීජ නියාමය මෙන් ම කමිම නියාමය ද බලපාන බව පෙනත යයි. වෙනත් වචනවලින් කිවහොත් ප්‍රාණියා තමන්ට අවශ්‍ය පරිදි, එනමි කුසලාකුසල ශක්තියට සරිලන ආකාරයට කළලය වෙනස් කරයි. කළලයේ අවශ්‍යතා පරිදි සුළු වශයෙන් වුවත් නාමය ද වෙනස්වන්නේ යැයි අපට සිතිය හැකි ය.//

එනම් කර්මය අනුව හොඳ නරක ප්‍රතිඵල ලැබෙන බව සිතීමයි. ජෛන මහාවීරතුමා තමයි මේ මතය මුලින්ම කිව්වේ,ආත්මය තුලට කර්මය ගලාගෙන එන හැටිත් ඔහු කියල තිබුනා ඒ කාලේ. ඉතින් මහාචාර්ය නලින් ද සිල්වා මහතාට අලුතින් හිතන්න යමක් ජෛන මහාවීරතුමා ඉතිරිකරල ගිය බවක් නම් පේන්න නෑ. එහෙමනම් මේ මහත්තයා කරන්නේ පරණ තැටියක් රත් කිරීම නොවේද.

07. ඒ මහතා මනස ගැම මේ ලිපියේ කතා කරන්නේ ශරීරයෙන් (භෞතිකයෙන් ) පරිබාහිර දෙයක් ලෙසිනි.

//මනස හා සිරුර අතර කිනමි සමිබන්ධයක් තිබිණි ද, ප්‍රාණියකුගේ සිරුර යන්න ප්‍රාණියාගෙන් වෙනස් වෙයි. මගේ සිරුර යනු මගේ සරමට වැඩි දෙයක් නො වෙි. මා හා සිරුර යනු එකක් නොව දෙකකි.//  මනස යනු සතා හදාගත් සංකල්ප වලින් තවත් එකක් පමණක් බව ඒ මහතා නොදනීද නැත්තන් කතාවේ ඉතුරු ටික ගෙතීමට ඒම සංසිද්ධිය අදාල කරගත්තද යන්න නම් ප්‍රශ්නයකි.

08. ඒ මහතා ලිපිය අවසානයේ ප්‍රශ්න කරන්නේ ජීවය නිර්මානය කිරීම බටහිර විද්වතුන්ට නොහැකි වී තිබෙන්නේ ජීවය/ආත්මය ඔවුන් නොදන්නා කම නිසා කියාය.

//බටහිර විද්‍යාඥයන්ට ප්‍රාණියා යන්න කෙදිනකවත් තේරුමිගත හැකි සංකල්පයක් ද? කාබනික වස්තුන්ගෙන් ජීවය නිර්මාණය කිරීම එතරමි ප්‍රශ්නයක් විය නො හැකි ය. එහෙත් මෙි ජීවයට ප්‍රාණය දෙන්නේ කෙසේ ද?//   අද මනු සතාට මුහුන පාන වෙන ප්‍රශ්න ඕව නෙවෙයි. 2050 වන විට ලෝක ජනගහනය තවත් බිලියන 2කින ඉහල ගිය විට ඇතිවෙන සම්පත් හිඟය වගේ ප්‍රශ්න වලට ඒ මහතා කියන්නේ කුමක්ද? පිටසක්වලින් ආත්මයන්/ජීවයන් ගන්දබ්බයින් ලෙස ඒම තහනම් කිරීම වැනි ගොබ්බ කතාවක් කීමට ඉඩ ඇත.

සිද්ධාර්ත ගෞතම නම් දාර්ශනිකයා ලොවට ඉදිරිපත් කලේ කුමක්ද?

ඇත්තටම බුදුන්(සම්මත වචනය) නිවනක් දේශනා කලාද නැත්තන් හේතුඵල දහමක් දේදනා කලාද? නිවන කියන්නේ තවත් එක ආගමික සංකල්පයක් විතරයි. බුදුන් දේශනාකල හේතුඵල දහමදකින්නා ඔය කියන ඔක්කොම සංකල්ප දකී. ඔහුට ආයේ නිවනක් අමුතුවෙන් ඕන වෙන්නේ නෑ. මොකද ඒව ඔක්කොම හැදෙන තැන දැක්කට පස්සේ.

බුද්ධාගමේ නිවන නැවත ඉපදීමෙන් තොර මෝක්ෂය ලඟාකරගැනීමයි. එය හින්දු දහමේ මූලික තියරියයි. සිද්ධාර්ත ගෞතම නම් දාර්ශනිකයා හින්දු සහ ජෛන දර්ශන වල එන නිර්වානය/මෝක්ෂය නොහොත් නැවත ඉපදීමෙන් මිදී සංසාර චක්‍රය කෙලවර කිරීමක් වැනි ගොබ්බ කතාවක් කිව්වේ නැත. එය පසුකාලීන බුද්ධාගම නම් ආගම නිර්මානය කය අය විසින් ගොතන ලද කතාන්තරයි. සංසාරය තියා මම කිය ස්ථිර එකෙක්වත් නැති බවයි එතුමන්ගේ දර්ශනය (නමුත් සම්මුතිය තුල මම සිටී). ලෝකය යනු තමන් මවාගත් සංකලප එකතුවක් යනුයි එතුමාගේ දර්ශනය.

බුද්ධාගමේ,සහ හින්දු ආගමේ නිවන ඇත්තේ සංසාරය නම් චක්‍රය කෙලවර වීමයි. නමුත් බුද්ධ දර්ශනයේ මේ කියන කර්මය හෝ ආත්මයක් නොමැති හෙහින් එකී නිවනක් නොපවතී. බුද්ධ දර්ශනය දුක්ඛ සත්ය මත පදනම් වේ. එනම් ආත්මයක් නොමැති බවත් කර්මය කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැති බවත්ය. බුද්ධ දර්ශනය තුල සංකල්ප වලට වැඩි තැනක් නැත. සන්කල්ප (නිවන/ සම්සාරය/ එන ආත්මේ/ ගිය ආත්මේ/ මේ ආත්මේ/….) සංකල්ප විදියට දැක යථාර්තය වටහාගැනීමම නිවන නොහොත් නිවීම පුද්ගලයෙකුට ලඟාකරයි. බුද්ධ දර්ශනයේ හරය ඇති පටිච්චසමුප්පාදය තුලින් තහවුරු වන්නේ තමන් කියා හදාගෙන සිටින රාමුවක් මිස තමන් කියා මැරි මැරී උපදින ආත්මයක් ජීවයක් නොමැති බවය.

නිවන/ සම්සාරය/ එන ආත්මේ/ ගිය ආත්මේ/ මේ ආත්මේ… වැනි සංකල්ප බොරුනම් මේවා ඇයි ලෝකයේ පවතින්නේ කියල ගැටලුවක් එනවා. මේ වගේ සංකල්ප අවුරුදු 3000කට පමන පෙර මනු සතා විසින් හැදුවේ එකල තිබී සමාජ ක්‍රමය තුල පහසුවෙන් සතාව (මනු සතා) පාලනය කිරීමට. දුප්පත් අසරණ එකාට ඌ දුප්පත් වීමට හේතුව ලෙස මෙන්න මේකයි කියල පට්ටපල් බොරුවක් පිලිගන්න කිව්වා. එදා මිනිස්සුන්ගේ තිබුන නූගත්කමත් එක්ක ඒ ඔක්කොම බොරු විස්වාස කරන්න උන්ට සිදු උනා. පසුව ඒ බොරුටික එකතුකරල ධර්මය කියල නමකුත් දැම්මා. පසුව ඒ බොරුව බොරුවක් බව තේරුන් ගත් සිද්ධාර්ත ගෞතම වැනි දාර්ශනිකයින් මේ බොරු ප්‍රතික්ෂේප කලා. පස්සේ බොරුව ප්‍රතික්ෂේප කල කෙනාගෙම නමට තියලා යලිත් එම බොරු ටිකම ප්‍රචාරය කලා.